Cool Blue Outer Glow Pointer

Saturday, January 19, 2013

පලමු Photoshop Effects Tutorial එක

පලමු Photoshop Effects Tutorial  එක 

Thermal Photo Effect


1st Step
මුලින්ම කුමන හෝ image1ක් open කරගන්න, මන් පෙන්නල තියෙන 1ක් වගේ 1ක් නම් ගොඩක් හොදයි..

2nd Step
ඊලඟට  Image> Adjustments> Hue/Saturation වෙත ගිහින් පහල අගයන් ලබා දෙන්න.මතක තියාගන්න ඔය dialog box 1  colorize සහ Preview  කියන 2ම හරි ලකුන දාල තියෙනවද බලන්න.නැත්තම් දාන්න ඕනෙ.
Hue – 200
Saturation – 33
Lightness – 3


3rd Step
දැන් layer 1 duplicate කරන්න. ඒක කරන්න පුලුවන්  Ctrl+J press කලාම. ඊලඟට Filter> Blur> Gaussian Blur ගොස් අගය 1.6 ලෙස ලබා දෙන්න

4th Step
දැන් copy කරපු layer 1 blending mode එක 'Overlay'  ලෙස ලබා දෙන්න






5th Step
දැන් layers 2 merge කරන්න . ඒක කරන්න පුලුවන්Ctrl+E  press කලාම. නැවතත් merge උනු layer  එක duplicate  කරන්න.(Ctrl+J). ඒක කරාට පස්සෙ Filter> Blur> Motion Blur වෙත යන්න.පහත අගයන් ලබා දෙන්න
6th Step
දැන් copy කරපු layer 1 blending mode එක 'Overlay'  ලෙස නැවත ලබා දෙන්න. නැවතත් layers 2 merge කරන්න




7th Step
නව layer එකක් add කර එය සුදු පාටින් පුරවා ගන්න.(use paint bucket). එම layer 1 blending mode එක ලෙස overlay දෙන්න

8th Step
දැන් පහත පරිදි color palette 1 සකසා ගන්න. නව layer 1ක් සාදා එය මේ වර්ණයෙන් පුරවා ගන්න
foreground color = #000099
                                                                   background color = White

  

9th Step
නිල් පැහැ layer 1 select  කර Filter> Render> Clouds ලබා දෙන්න.layer blending mode එක  Overlay ලෙසත් opacity එක 57% ලෙසත් ලබා දෙන්න
10th Step
තව layer  එකක් add කර එය සුදු පාටින් පුරවා ගන්න, එහි blending mode 1 ලෙස Difference ලබා දෙන්න
11th step
අවසානයට background layer  එක select කර එය duplicate (Ctrl+J) කර එය ඉහල සිට 2 තැනට ගෙන එන්න